කෝටියක මාළු මා දැලක පැටලේ

උඩප්පුවේ මාදැලකට රුපියල් කෝටියකට අධික වෙන්කඩ පරව් මාළු අස්වැන්නක් ලැබුණු බව ධීවරයෝ පවසති.

මේ වන විට මැදැල් වාරය ආරම්භ විමත් සමග උඩප්පුවේ කාත්තමුත්තු මාදැලට මෙලෙස කිලෝ 15000 කට  මත්ස්‍යයින් අසුවි ඇති බව කියයි.

මෙම මාදැල 1 දින දහවල් වට කරමින් සිටියදී කාත්තමුත්තු මාදැලට විශාල මත්ස්‍යයින් තොගයක් අසුවෙමින් ඇති බවට ධීවරයින් මාදැල් හිමිකරු දැනුවත් කිරීමේන් පසු එක් දැලකින් එම කාර්ය කිරීමේදි වෙන්කඩ පරව් මත්සයන් දැලෙන් ඉවත් විම නැවත මුහුදට යාම වැලැක්විම සදහා කඩිනමින් කාලිනාදන් හා සිරි නැමති මාදැල් දෙක කඩිනමින් එළා මෙම දැවැන්ත මත්ස්‍ය අස්වැන්න ලබා ගැනිමට හැකිවු බව කියයි.

පසුගිය සති දෙකකට ආසන්න කාලයක් පැවති අයහපත් කාලගුණ තත්වය හමුවේ මාදැල් හා අනිකුත් ධීවරයින්ට සැලකිය යුතු මත්ස්‍ය අස්වැන්නක් නොලැබුණු බව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *