පකිස්ථානය, ඉන්දියාව කඩුලු පහකින් පරාජය කරයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ තරගයෙන් ඉන්දියාව පරදා කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට පාකිස්ථානය ඊයේ (04දා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 182ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානය තවත් පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.

මොහොමඩ් රිස්වාන් පන්දු 51කදී ලකුණු 71ක් ලබා ගත් අතර මොහොමඩ් නවාස් ලකුණු 42ක් ලබා ගත් අතර පාකිස්තානය ඕවර 19.5කදී කඩුලු 5කට ලකුණු 182ක් ලබා ගත්තේය.

ඉන්දියාව වෙනුවෙන් බුවනේෂ්වර් කුමාර්, රවී බිෂ්නෝයි, හර්දික් පාණ්ඩ්‍යා, අර්ෂ්දීප් සිං සහ යුස්වේන්ද්‍ර චාහල් කඩුල්ල බැගින් දවා ගත්හ. පන්දුවට පහරදීමට ආරාධනා කළ ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 181ක් ලබා ගත්තේය. ඉන්දියාව වෙනුවෙන් විරාත් කෝලි පන්දු 44කදී ලකුණු 60ක් ලබා ගත් අතර KL රාහුල් සහ නායක රෝහිත් ෂර්මා ලකුණු 28 බැගින් ලබා ගත්හ. පාකිස්තානය වෙනුවෙන් ෂඩාබ් ඛාන් ලකුණු 31කට කඩුලු 2ක් ද, මොහොමඩ් හස්නයින්, හරිස් රවුෆ්, නසීම් ෂා සහ මොහොමඩ් නවාස් කඩුල්ල බැගින් ද බිඳ දැමූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *