ඉස්ලාමාබාද්හි පැවති විශේෂ නඩු විභාගයකින් අනතුරුව පාකිස්තානයේ හිටපු හමුදා නායක ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට මරණ දඬුවම නියම කෙරිණ. 2013 සිට පැවැත්වෙන නඩු විභාගයකින් අනතුරුව රාජද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් ඔහුට දඬුවම් නියම කෙරුණේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසිනි.
ජෙනරාල් මුෂාරෆ් හමුදා කුමන්ත්‍රණයකින් පාකිස්තානයේ බලය අල්ලා ගනු ලැබුවේ 1999 වසරේදීය. ඉන් අනතුරුව ඔහු 2001 වසරේ සිට 2008 දක්වා ඔහු එරට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.
2016 වසරේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස් ගත වීමට අවසර ලැබීමෙන් අනතුරුව ඔහු දැනට ඩුබායිහි රැඳී සිටී. සිය ධුර කාලය දීර්ඝ කර ගැනීමේ අරමුණින් 2007 වසරේදී පාකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. පාකිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දුන් එරට පළමු හමුදා නායකයා ලෙස ජෙනරාල් මුෂාරෆ් ඉතිහාස ගත වෙයි.
අදාළ තීන්දුව දෙසැම්බර් 17වැනිදා ප්‍රකාශයට පත් කෙරුණේ චෝදනාවලට ඔහු වරදකරු බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් දෙදෙනෙකුගේ මතය ප්‍රකාශවීමත් සමගය.
2007 වසරේදී ජෙනාරාල් මුෂාරෆ් පාකිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් විරෝධයක් පැන නැගිණි. දෝෂාභියෝගයක මුහුණ දීමේ අවදානම වළකා ගැනීමේ අරමුණින් ඔහු 2008 වසරේදී ජනාධිපති ධුරයෙන් ඉවත් විය.
1999 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කෙරුණු ඔහුගේ පැරණි ප්‍රතිවාදියා වූ නවාස් ෂරීෆ් 2013 වසරේදී අගමැතිවරයා වශයෙන් යළි තේරී පත් විය. ඒ සමග අගමැති ෂරීෆ් හිටපු හමුදා නායකයාට එරෙහිව නීතිමය පියවර ගත් අතර 2014 වසරේදී රාජද්‍රෝහී චෝදනා මත ඔහුට එරෙහිව නඩු පවරනු ලැබිණි.
ජෙනරාල් මුෂාරෆ් පවසන්නේ තමන්ට එරෙහිව නඩුව දේශපාලන අරමුණු මත ගොනු කරන ලද්දක් බවය. 2007 වසරේදී තමන් විසින් ගන්නා ලද තීන්දුවට එවක ආණ්ඩුවේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව හිටපු හමුදා නායකයා කියා සිටී. ඔහුගේ එම තර්කය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර නීතියට පිටුපා කටයුතු කර ඇතැයි ඔහු චෝදනාවට ලක් විය.
පාකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජද්‍රෝහී චෝදනාවලට වරදකරු වන ඕනෑම අයෙකුට මරණ දඬුවම ලබා දිය හැකිය. 2016 වසරේ සිට ඩුබායිහි වෙසෙන ජෙනරාල් මුෂාරෆ්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නියෝග ගණනාවක් නිකුත් කර තිබුණු නමුත් අධිකරණයේ පෙනී සිටීම ඔහු දැඩිව ප්‍රතික්ෂේප කළේය.
පාකිස්තාන හමුදා ප්‍රධානියා වශයෙන් ඔහු පත් කරනු ලැබුවේ 1998 වසරේදීය.
ඉන්දියාව හා පාකිස්තානය අතර 1999 වසරේ මැයි මස කාර්ගිල් ප්‍රදේශයේ සිදු වූ සටන්වලින් අනතුරුව ඊට සම්බන්ධ වූ පාකිස්තාන හමුදාවේ එවක ප්‍රධානී ජෙනරාල් මුෂාරෆ් සහ එවක අගමැති නවාස් ෂරීෆ් අතර භේදයක් හට ගැනිණි. ජෙනරාල් මුෂාරෆ් විසින් හමුදා කුමන්ත්‍රණයක් දියත් කරනු ලැබුවේ ඉන් අනතුරුවය.
2008 වසර තෙක් ජනාධිපති ධුරයේ කටයුතු කළ ජෙනරාල් මුෂාරෆ් එම කාලය තුළ ඝාතන තැත් සහ ඔහුට එරෙහි කුමන්ත්‍රණ ගණනාවකින් ආරක්ෂා විය.
ඇමරිකාව දියත් කළ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” ජෙනරාල් මුෂාරෆ් කළ කාර්ය භාරය ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනුනි. ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කෙරුණු ‘9/11 ප්‍රහාරයෙන්’ පසු ඔහු ඇමරිකාවට සහාය ලබා දුන්නේ රට තුළ ඊට විරෝධයක් එල්ල වෙමින් තිබියදීය.
ජනාධිපති ධුරය අත්හැරීමෙන් පසු ජෙනරාල් මුෂාරෆ් රටෙන් පිට වූ නමුත් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා 2013 වසරේදී යළි සිය රට බලා පැමිණියේය. ඔහු මැතිවරණයට තරග කිරීම අධිකරණය විසින් වළකනු ලැබූ අතර නඩු විභාග කිහිපයක පැටලී සිටියේය.
රාජද්‍රෝහී චෝදනා සම්බන්ධ නඩු විභාගයට ඔහු පෙනී සිටියේ දෙවරක් පමණි. ඉස්ලාමාබාද්හි හමුදා රෝහලක සහ සිය ගොවිපොලක කාලය ගත කළ ඔහු 2014 අප්‍රේල් මස කරච්චි නගරය වෙත ගියේය. 2016 වසරේ රටෙන් පිටවන තෙක් ඔහු එහි පදිංචි වී සිටියේය.
(තොරතුරු – බීබීසී ඇසුරිනි)
Pretty educational look forward to returning.|
Fantastic Web page, Carry on the wonderful work. Regards.|
Extremely interesting, look forwards to returning.|
}
say thanks to a lot for your website it assists a whole lot.|
Simply just had to state I am just thrilled I stumbled on the page!|
Incredible, this is a handy internet site.|
Your knowledge is very significant.|
Wow because this is excellent work! Congrats and keep it up.|
Seriously this is a helpful websites.|
Thank you! This a incredible webpage.|
Thanks intended for giving this sort of very good write-up.
Amazing web page you have here.|
I adore this site – its so usefull and helpfull.|
Great looking site. Presume you did a great deal of your very own coding.|
Wow cuz this is excellent work! Congrats and keep it up.|
}