නෝටන්බ්‍රිජ් තේ වත්තේ තිබී දිවියෙකුගේ මළ සිරුරක් සොයාගනී

නෝටන්බ්‍රිජ්, විමලසුරේන්ද්‍ර ගම ප්‍රදේශයේ තේ වත්තක තිබී දිවියෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමත් සමඟ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

දිවියාගේ මළ සිරුර සම්බන්ධයෙන් කරන ලද මූලික පරීක්‍ෂණවලදී දකුණු පාදයේ පිටුපස සහ ඉදිරිපස තුවාල හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් මෙම සත්වයාගේ වයස අවුරුදු 6ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති අතර, එය Panthera Pardus කුලයට අයත් ශ්‍රී ලංකාවට ආවේණික දිවියෙකු වේ.

දිවියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්ටැඹේ වනජීවී පශු වෛද්‍ය කාර්යාලය වෙත රැගෙන ගොස් ඇති අතර නෝටන්බ්‍රිජ් පොලිසිය සහ නල්ලතන්නිය වනජීවී නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *