නොරොච්චෝලය නැවතත් බිඳවැටෙයි.

දෛනික විදුලි කප්පාදුව හෙට (16) සිට දීර්ඝ කිරීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නිවේදනය කරයි.

නොරොච්චෝලේ බලාගාරයේ 01 වන ඒකකයේ බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝ කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

අද දිනයේ විදුලි කප්පාදුව පැය 1 යි විනාඩි 20 ක කාලයක් පවතින අතර සුදුසු පරිදි හෙට සිට එය දීර්ඝ කරන බව ඔහු පැවසීය.

නොරොච්චෝලේ පළමු ගල් අඟුරු බලාගාරයේ සුළු බිඳවැටීමක් හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ.

අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට ආසන්න වශයෙන් දින 14 සිට 16 දක්වා කාලයක් ගතවනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

කොමිසමේ අනුමැතිය ලැබුණු පසු විදුලිය විසන්ධි කිරීම පිළිබඳ නිල නිවේදනය නිකුත් කරන බවද ජානක රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

අද පෙරවරුවේ මෙම බිඳවැටීම තහවුරු කරමින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර කියා සිටියේ විදුලි බලාගාරයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය දෝෂය හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

බලාගාරයේ 2 වන ඒකකය නියමිත නඩත්තු කටයුතු සිදු කරමින් පවතින අතර 3 වන ඒකකය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සැපයුම කළමනාකරණය කිරීම සඳහා බටහිර වෙරළ තීරය සහ අනෙකුත් ඉන්ධන බලාගාර භාවිතා කරන බව අමාත්‍ය විජේසේකර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *