නෙළුව වැටලීමකදී පොලිස් නිලධාරියෙකුගේ පිස්තෝලයක් මුදා හැරීමෙන් සැකකරු මරුට…

නෙළුව ප්‍රදේශයේ නිවසක් වැටලීමකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් නික්මයාමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

මැදගම ප්‍රදේශයේ පාළු නිවසක පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට ලද තොරතුරක් මත නෙළුව පොලිසියේ නිලධාරීන් පිරිසක් නිවසක් වැටලූ බව ඔහු පැවසීය.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් උත්සාහ කිරීමේදී නිවසේ සිටි එක් අයෙකු පොලිස් නිලධාරියෙකුගේ පිස්තෝලයක් උදුරා ගැනීමට උත්සාහ කළ බව වාර්තා වේ. එවිට නිලධාරියෙකුගේ පිස්තෝලය ස්වයංක්‍රීයව පිටව ගොස් ඇත්තේ සැකකරුට තුවාල සිදු කරමිනි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව පැවසුවේ, තුවාල ලැබූ මොරවක ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සැකකරු නෙළුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ය.

එම ප්‍රකාශකයා පැවසුවේ, එම ස්ථානයේ සිටි සැකකරුවන් තිදෙනෙකු පළා ගොස් ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් අධිකාරීවරයෙකුට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *