LK reports news sinhala

නෙළුම් කුළුණේ ආරම්භක දින ආදායම හෙළිකරයි.

ඊයේ දිනයේදී මහජනතාවට විවෘත කෙරුණු චීන අරමුදල් සහිත නෙළුම් කුළුණ නැරඹීමට පැමිණෙන අමුත්තන්ට ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම රුපියල් ලක්ෂ 15කට ආසන්න ආදායමක් උපයාගෙන තිබෙනවා.

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ, ඊයේ දිනයේ පුද්ගලයින් 2,612 දෙනෙකු නෙළුම් කුළුණ නැරඹීමට පැමිණ ඇති අතර විදේශිකයන් 21 දෙනෙකු ඒ අතර වන බවයි.

නෙළුම් කුළුණ සතියේ දිනවල පස්වරු 2 සිට රාත්‍රී 11 දක්වා සහ සති අන්තයේ දහවල් 12 සිට රාත්‍රී 12 දක්වා නරඹන්නන් සඳහා විවෘත කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *