LK reports news sinhala

නෙදර්ලන්තයේත් බුර්කාවට තහනමක්

නෙදර්ලන්තයේ බුර්කාව, නිකාබය හෝ මුහුණු ආවරණය වන ඇඳුම් පැළඳීම තහනම් කරමින් ගෙනා නව නීතිය අගෝස්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක වේ.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා පළව ඇති අතර පොදු ගොඩනැගිලි තුළදී සහ ප්‍රවාහන සේවාවන් හිදී මුහුණු ආවරණය වන ඇඳුම් පැළැඳීම එරට තුළ තහනම් වේ. මෙම නව නීතිය සම්බන්ධයෙන් නෙදර්ලන්තය තුළ යම් මතභේදකාරී තත්ත්වයක් ද උද්ගත වී තිබූ අතර පසුගිය වසරේ (2018) ජූනි මාසයේදී බුර්කාව ඇතුළු මුහුණු ආවරණය වන ඇඳුම් නෙදර්ලන්තයේ තහනම් කරන පනත යෝජනාව සම්මත කෙරිණි.

මෙම නීති අනෙකුත් යුරෝපා රටවල්වන ප්‍රංශය, බෙල්ජියම, ඩෙන්මාර්කය සහ ඔස්ට්‍රියාව යන රටවලද ක්‍රියාත්මක වේ.

(තොරතුරු හා ඡායාරූප – thejournal.ie)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *