නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා තිබූ සුඛෝපභෝගී වාහන පහක් රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
රේගු නිලධාරීන් පැවසුවේ අත්අඩංගුවට ගත් වාහන අතර BMW, Mercedes සහ Audi වර්ගයේ මෝටර් රථයක් වන බවයි.
මෙම වාහන එක්සත් රාජධානියේ සිට අමතර කොටස් මුවාවෙන් නීතිවිරෝධී ලෙස ආනයනය කර ඇති බවටයි වාර්තා වන්නේ.
ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ගබඩාවක තිබී මෙම වාහන අත්අඩංගුවට ගෙන ඇති බවයි රේගු නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් සීමා සහිත භාණ්ඩ ද රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ රුපියල් මිලියන 50ක්.
සීමා කර ඇති භාණ්ඩ අතරට ඇමෙරිකානු ඩොලර් 40,000ක් වටිනා විස්කි බෝතල් 2500ක්, එන්ජින් ඔයිල්, රූපලාවන්‍ය නිෂ්පාදන, කහ සහ ලයිටර් ඇතුළත් වේ.
වත්තල භාණ්ඩ නිෂ්කාශන මධ්‍යස්ථානයක කන්ටේනර් දෙකකින් මෙම භාණ්ඩ තොගය රේගු භාරයට ගෙන ඇත.