නීතිවිරෝධී ලෙස මානසික ඖෂධ අලෙවි කළ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

පානදුර නගරයේ පිහිටි සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ දී ලෝහ රෝගීන්ට ලබාදෙන ඖෂධයක් වෙනත් පුද්ගලයින්ට අලෙවි කරමින් සිටි රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර උතුර පොලිස් වසමේ පල්ලියමුල්ල ප්‍රදේශයේදී මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන පානදුර උතුර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත්තේ නීතිවිරෝධී ලෙස පුද්ගලයින්ට ඖෂධ ලබා දීම සම්බන්ධයෙන්.

එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටි තරුණයින් 15 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පොලීසිය එම මධ්‍යස්ථානයේ තිබී ඖෂධ පෙති 20,000ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ඖෂධ පෙතිවල වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *