රාජ්‍ය ආයතන වලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ අද පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ මාසිකව පැවැත්වෙන සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
ඇතැම් ආයතන ප්‍රධානීන් නිසි ලෙස රාජකාරි නොකිරීම හා ඒවායින් රජයේ ඉලක්ක වලට යාමටද බධා පැමිණෙන බව ද එතුමා වැඩි දුරටත් කියා සිටියේය. එමෙන්ම එවැනි ආයතන පිළිබඳව වාර්තාවක් ලබා දෙන මෙන්ද ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරුන්ට පැවසීය.