මුහුණු ආවරණ නොපැළදීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකළ පුද්ගලයන් 24 දෙනෙකු ඊයේ (24) දිනයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ මහතා පවසා සිටින්නේ ඉකුත් ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා පුද්ගලයන් 2746 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පුද්ගලයන් අතරින් 2600 දෙනෙකුට නඩු පවරා ඇති බවත්ය.