නිපා වෛරසය රට තුළට ඇතුළුවීම වැළැක්වීමට කඩිනම් පියවර ගන්න – ඇමති අමරවීර

මාරාන්තික Nipah වයිරසය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා සුදුසු රෝග නිරීක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මියට අද උපදෙස් දුන්නේය.

පේරාදෙණිය ඩීඒපීඑච් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මාරාන්තික නිපා වෛරසය මේ වනවිට ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක පැතිර යමින් පවතින බවයි.

නිපා වෛරස් රෝගය හේතුවෙන් මෙරට සත්ව නිෂ්පාදන කර්මාන්තයේ ආරක්ෂාව සහ මහජන සෞඛ්‍යය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී විමසීමක් කළා. මෙරට සත්ත්ව නිෂ්පාදනය ඉහළ නැංවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරිය සිය මතය ප්‍රකාශ කළේ මෙම රෝගය ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවම ඉඩකඩක් පවතින බවයි.

විශේෂයෙන්ම ඌරන්ගෙන් මෙම රෝගය පැතිර යා හැකි බැවින් මෙරට සිටින ඌරන් පිළිබඳව අවධානය යොමුකර රෝග පාලන කටයුතු ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව අවශ්‍ය පියවර ගෙන ඇති බව වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළාය.

කුරුළු උණ රට තුළට පැමිණීම වැළැක්වීමට දිවයිනේ සෑම අංශයක්ම සමත් වූවා සේම නිපා වෛරසය රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා සියලු පියවර ගන්නා ලෙස ද ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

“කුරුළු උණ වෛරසය රට තුළට ඇතුළු වීම වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග සමඟ කුකුළු කර්මාන්තයට අදාළ නිෂ්පාදනවලට ජාත්‍යන්තර වශයෙන් හොඳ ඉල්ලුමක් තිබුණා,” වෛද්‍ය කොතලාවල මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *