නඳුන් චින්තක නොහොත් “හරක් කටා” තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා නොගන්නැයි ඉල්ලමින් රුපියල් මිලියන 700ක් ලබාදීමට උත්සාහ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ගාල්ල උණවටුනේදී පොලිස් නිලධාරීන් පිරිසක් අමතමිනි.
දකුණු පළාත් පොලිස් ස්ථානාධිපතිවරුන්, රාජ්‍ය නිවේදිත නිලධාරීන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර ගාල්ල උණවටුන ප්‍රදේශයේදී ඊයේ මෙම හමුව පැවැත්වුණි.
එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා,
“හරක් කටාව ලංකාවට ගේද්දී මිලියන 700ක් ඔෆර් කළා. මෙහෙට ගෙන්නේ නැතව ඩුබායිවලට යවන්න කියලා. ඒ මිනිස්සු ඕන තරම් සල්ලි වියදම් කරන්න ලැස්තියි. හැබැයි අපි කවදාවත් ඒවට යටවෙන්න එපා. ඒ අය ලෑස්තියි මිලියන ගණන් අපේ ලොකු ලොක්කන්ට දීලා මාව ඇමතිකමින් අයින්කරගන්න. අපි දකුණු පළාත ගත්තොත් කිහිප වතාවක් සාකච්ඡාවල් පවත්වලා කළයුතු දේ තේරුම් කරලා දුන්නා. හරියට රස්සාව කරන්න කියන්න. බැරි අය ඉන්නවා නම් දැම්ම අයින්වෙන්න.”
මේ අතර ඇතැම් පොලිස් නිලධාරීන් අපරාධ කල්ලි සාමාජිකයින් සමග එක්වී කටයුතු කිරීම අපරාධ ඉහළ යාමට හේතුවක්වී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි.
සුළුතර නිලධාරීන් පිරිසක් එම අපරාධ කල්ලි සාමාජිකයින් සමග එක්වී කටයුතු කිරීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට විශාල චෝදනාවක් එල්ලවී ඇති බවද ඔහු සඳහන් කළේය.