නැගෙනහිර කොළඹ මූලික රෝහලේ කල් ඉකුත් වූ PCR කට්ටල තොගයක්

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව රෝහල) ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ඉදිවූ ජීව රසායනාගාරයේ ඇති පී.සී.ආර්. යන්ත්‍රයට ලබා දී ඇති පී.සී.ආර්. ප්‍රතික්‍රියක කට්ටල තොගයක් භාවිතා නොකිරීම නිසා කල් ඉකුත්වී ඇති බවට තොරතුරු වාර්තා වේ. චීන සමාගමක් මගින් ලබා දී ඇති මෙම ප්‍රතික්‍රියක කට්ටල ප්‍රමාණය 30,000ක් වන අතර ඉන් අඩක් පමණ පසුගිය මාසයේ කල් ඉකුත්වී ඇති බවටයි පැවසෙන්නේ.

ජාතික වෘත්තීය සමිති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රතික්‍රියක කට්ටල කල් ඉකුත්වීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසටයි. එමෙන්ම මෙවැනි විනාශයක් සිදු වීමට පෙර අදාළ ප්‍රතික්‍රියක කට්ටල වෙනත් රසායනාගාරයකට යොමු කිරීමට හැකියාව තිබූ බවයි ජාතික වෘත්තීය සමිති පෙරමුණ ප්‍රකාශ කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *