ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ Cruise Vessel MV Empress නෞකාවේ සිටියදී හදිසියේ රෝගාතුර වූ ඉන්දීය ජාතිකයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය. ගොඩට ගෙන ඒමෙන් පසු ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇත.
MV Empress විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) වෙත ආපදා පණිවිඩය ප්‍රචාරය කළ අතර රෝගියා ප්‍රතිකාර සඳහා ගොඩබිමට ගෙන ඒම සඳහා සහාය ඉල්ලා සිටියේය. හදිසි තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් නාවික හමුදාව විසින් නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත P 491 දරණ වේග ප්‍රහාරක යාත්‍රාව රෝගියා ගොඩබිමට රැගෙන ඒම සඳහා නියමිත මුහුදු ප්‍රදේශයට යොමු කරන ලදී. රෝගියා නාවික යාත්‍රාව වෙත රැගෙන ඒමෙන් පසු එය ත්‍රිකුණාමලය වරාය දෙසට ගමන් කළේ එහි සිටි රෝගියාට අත්‍යවශ්‍ය ප්‍රථමාධාර ලබා දෙමිනි. පසුව ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇත.