නාවලපිටියේදී පාසල් සිසුවෙක් අභිරහස් ලෙස මියයයි.

කුඩා ඇළ මාර්ගයකට වැටි අභිරහස් ලෙස මියගියේ යැයි කියන පාසල් සිසුවෙකුගේ මරණය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණයක් ආරම්භ කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි හරංගල ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි අශේන් මින්සර 15 හැවිරිදි සිසුවෙකි.

මියගිය සිසුවා තම නිවසට පානිය ජලය ලබා ගන්නා ජල නල අළුත්වැඩියා කිරිම සදහා (09) දින උදැසන 7 ට පමණ නිවසින් කිලෝමිටර් ½ පමණ දුරකින් යුක්ත ඇළ මාර්යකට තනිව ගොස් ඇති අතර, පසුව එම සිසුවා නොපැමිණි නිසා එම සිසුවාගේ මව සහ සහෝදරයෙකු ඒ පිලිබදව සොයා බැලිමට ගිය අවස්තාවේ සිසුවා ඇළ මාර්ගයේ වැටි මියගොස්ව සිටි බවට මිය ගිය සිසුවාගේ මව විසින් නාවලපිටිය පොලිසියට දැනුම් දි ඇත.

ඇළ මාර්ගයේ සිසුවා වැටි සිටින අයුරු දුටු සිසුවාගේ මව ප්‍රදේශවාසින්ගේද සහයෝගය ඇතිව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සිසුවා රැගෙන යන විටත් මියගොස් සිටි බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

මියගිය සිසුවාගේ පියා පෙදරේරුවෙකු බවත්, පියා කුරුණැගල ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින නිසා නිවසට පානිය ජලය නොමැති නිසා ඒ පිලිබදව සොයා බැලිමට වෙනත් දින වලද මෙම සිසුවා එම ස්ථානයට යන බවයි සිසුවාගේ මව කියා සිටින්නේ.

කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා කුඩා ඇළ මාර්ගයක් හරස් කරමින් මිය ගිය සිසුවාගේ නිවසට ජල නල උපයෝගි කරගෙන පානිය ජලය ලබාගෙන ඇති බවත්,පසුගිය දිනවල එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නිවසට ජලය නොපැමිණි නිසා ඒ පිලිබදව සොයා බැලිමට ගිය අවස්තාවේ සිසුවා ඇළ මාර්ගයේ තිබු ගලක ලිස්සා වැටි ඇළට වැටි මියගියේ දැයි යන්න පිලිබදව මරණය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය සැකකරයි.

මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේදි සිදු කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *