නාමල් ඇතුළු පිරිසට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව සැප්තැම්බර් 14 වැනිදාට තෙක් කල්යයි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණය විසින් වැඩිදුර විභාගයට අද දින නියම කළේය.

නඩුව වැඩිදුර විභාගය සැප්තැම්බර් 14 වැනිදා කැඳවීමට මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළේය.මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරිණි.

සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම හරහා රුපියල් මිලියන 30ක මුදල් විශුද්ධිකරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වගන්තිය ප්‍රකාරව මෙම නඩුවේ දෙවැනි සහ හයවැනි විත්තිකරුවන් නොපැමිණීම සම්බන්ධයෙන් නඩු විභාගය ඉදිරියට ගෙන යාමට මහාධිකරණය අවසර ලබා දී ඇත.

නාමල් රාජපක්ෂ, ඉන්දික කරුණාජීව, සුජානි බෝගොල්ලාගම, ඉරේෂා සිල්වා, නිත්‍යා සේනානි සමරනායක සහ ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගමට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් චෝදනා 11ක් යටතේ අධි චෝදනා ගොනු කර තිබුණි. 2013 සිට 2014 දක්වා කාලය තුළ නාමල් රාජපක්ෂට අයත් සමාගමක (Gowers Corporate Services (Pvt) Limited) මිලියන 30ක්.

කොළඹ 5 හි පිහිටි ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සම්බන්ධීකරණ සේවා සපයන බව වාර්තා විය.

දූෂණ විරෝධී හඬ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතාගේ පැමිණිල්ලකට අනුව FCIDය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *