නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් සෞඛ්‍ය හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා බදු පදනම මත බැහැර කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නාරාහේන්පිට කිරි මණ්ඩල මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් සෞඛ්‍ය හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා අවුරුදු පනහක කාල සීමාවකට බඳු පදනම මත බැහැර කිරීම පිණිස තරගකාරී පදනම මත ආයෝජන කැඳවා ඇතැයි රජය පවසයි.
ඒ සඳහා ලැබී ඇති යෝජනා ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ මත පදනම්ව හෙක්ටයාර 0.1929ක ඉඩම් කොටසක් නයින්වෙල්ස් හොස්පිටල් ප්‍රයිවට් ලිමිටඩ් සහ ඇක්සස් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන ඒකාබද්ධව සංස්ථාපනය කරන ලද M/s NW Realty(pvt.)Ltd. වෙත අවුරුදු පනහක කාල සීමාවකට බදු පදනම මත බැහැර කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.