නළු සහ දේශපාලනඥ විජේගේ පුත් ජේසන් සංජේ, තම පවුලේ ශ්‍රී ලංකා සම්බන්ධතාව සහ යාපනය සමඟ ඇති බැඳීම පිළිබඳව අදහස් දක්වා තිබේ.
සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තම මව ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය ප්‍රදේශයේ උපත ලබා එහි හැදී වැඩුණු බවයි.
“මගේ අම්මා යාපනයේ. ඒ නිසා ඇය උතුරු ශ්‍රී ලංකාවේ කෙනෙක්. ඇය එහි ඉපදී හැදී වැඩුණු අතර පසුව ඔවුන් විදේශගත වී පදිංචි වුණා.”
ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවලදී තම සීයාට අයත් දේපළක් ද පවුලේ අතීතය සමඟ තමන්ට ඇති වැදගත් සම්බන්ධතාවක් බව ජේසන් සඳහන් කර තිබේ.
එමෙන්ම තම “Sigma” ව්‍යාපෘතියේ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාව යොදා ගැනීම පිළිබඳවද සලකා බලා තිබූ බව ඔහු අනාවරණය කර ඇත. ඒ සඳහා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ රූගත කිරීම් සඳහා සුදුසු ස්ථාන සොයා බලා තිබුණද, එම සැලසුම් පසුව ක්‍රියාත්මක වී නොමැත.
කෙසේ වෙතත්, ඉදිරියේදී ශ්‍රී ලංකාවේදී සිය නිර්මාණයක් රූගත කරමින් මෙරට සුන්දරත්වය ලෝකයට පෙන්වීමට තමන් බලාපොරොත්තු වන බවද ජේසන් සංජේ පවසා තිබේ.


