නව සීමා නිර්ණ වාර්තාවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 50%කින් කපා හැරෙයි.

නව සීමා නිර්ණ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවල මුළු සභික සංඛ්‍යාව 4714 දක්වා අඩු වී ඇති බව ජාතික සීමා නිර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටු වාර්තාවේ මූලික කෙටුම්පත 11 අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දෙනු ලැබුවා.

භූගෝලීය ප්‍රමාණය සහ ජනගහනය අනුව මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය මූලික කෙටුම්පතේ ලැයිස්තුගත කර ඇති අතර එම කෙටුම්පත දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙත නුදුරේදීම යොමු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මෙම වාර්තාවට ඇතුළත් කිරීම සඳහා ආගමික නායකයින් සහ විවිධ සංවිධාන දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇත.

කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ වාර්තාවට ඇතුළත් කිරීම සඳහා ලැබී ඇති යෝජනා අප්‍රේල් 30 වැනිදා දක්වා සලකා බලන බවත්, අවසන් වාර්තාව සකස් කිරීමට කාලය ලබා දෙන බවත්ය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.රංජිත් අශෝක, කමිටු සාමාජිකයින්, ජයලත් රවී දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි, කේ.තවලිංගම් සහ අයි.ඒ. හමීඩ්, සහ නීති නිලධාරිනී ගයනි ප්‍රේමතිලක යන මහත්ම මහත්මීහු ද මූලික වාර්තාව භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *