නව දේශපාලන ගමනක් ගැන හිටපු ජනපතිගෙන් ඉඟියක්

රටේ පවතින තීරණාත්මක ගැටලු විසඳීම සඳහා ගොඩනැගිය යුතු නව ඒකාබද්ධ පෙරමුණකට සහය පළ කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඟි පළ කර තිබේ.

සිරිසේන මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ කාට හෝ ඇඟිල්ල දිගු කර බනිනවා වෙනුවට රටේ පවතින ප්‍රශ්නවලට මුහුණදීම සඳහා නව පෙරමුණක් ගොඩනැගිය යුතු බවයි.

නව පෙරමුණ ගොඩනැගිය යුත්තේ දේශපාලකයන් ඇතුළු රටට ආදරය කරන දූෂිතයන් නොවන බව ද ඔහු කියා සිටියේය.

රටේ අනාගතය වෙනුවෙන් එවැනි බලවේගයක් ගොඩනැගිය යුතු කාලය එළැඹ ඇති බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් ප‍්‍රතිසංස්කරණවලට ලක්වෙමින් සිටින බවද ඔහු පැවසීය.

නව පක්‍ෂ සංවිධායකවරුන් පත් කර ඇති බවත් තවත් මාස හයකින් ශ්‍රීලනිපය ශක්තිමත් දේශපාලන බලවේගයක් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් සිරිසේන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *