Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

නව ජනාධිපතිවරයෙකු ජූලි 20 වැනිදා තෝරා පත් කර ගැනීමට නියමිත වෙයි.

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි 13 වැනිදා ඉල්ලා අස් වුවහොත් ජුලි 20 වැනිදා නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කළ පරිදි ජනාධිපතිවරයා ජූලි 13 වැනිදා ඉල්ලා අස් වුවහොත් පහත සිදුවීම් සිදුවනු ඇත.

පාර්ලිමේන්තුව ජූලි 15 වැනිදා කැඳවනවා
ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා භාර ගැනීම ජූලි 19 වැනිදා සිදු කෙරේ
ජූලි 20 වැනිදා ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලැබේ

ඔබේ අදහස