නව උප්පැන්න සහතිකය වෙනස් වන්නේ මෙහෙමයි

2019 වර්ෂයේ හඳුන්වා දුන් ජාතික උප්පැන්න සහතිකය පැරණි උප්පැන්න සහතිකයේ පැවති අඩු පාඩු ඉවත්කොට ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්‍ෂිත ක්‍රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල වන සේ සකස් කොට ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සි. විතානගේ ප්‍රකාශ කර සිටියි. එමෙන්ම උප්පැන්න සහතික පත්‍රය මින් ඉදිරියට ” ජාතික උප්පැන්න සහතිකය” නමින් හඳුන්වා දෙන බවද ඒ මහතා නිවේදනය කර සිටියි.

අලුතෙන් නිකුත් කරන ජාතික උප්පැන්න සහතිකයේ පැරණි උප්පැන්න සහතිකයේ ඇතැම් ළමුන්ට අගතිගාමී ලෙස බලපාන දෙමාපියන් විවාහකද යන කොටස ඉවත් කොට භාෂාද්වයෙන් සකස් කර තිබේ.

එමෙන්ම පැරණි උප්පැන්න සහතිකයේද නොමැති කරුණක් වන ආගම පිලිබඳවද ජාතික උප්පැන්න සහතිකයට ඇතුලත් කර නොමැති අතර දෙමාපියන්ගේ ජාතිකත්වයද අලුතෙන් ඇතුළත් කර ඇත.

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ මෙතෙක් ජනගත කර නොමැති නව ජාතික උප්පැන්න සහතිකය සම්බන්ධයෙන් අදාළ කාර්ය පියවර සම්පුර්ණ වීමෙන් අනතුරුව ජනගත කිරිමට බලාපොරොත්තුවන බවයි.

අලුතෙන් හදුන්වා දෙන ජාතික උප්පැන්න සහතිකයේ දැකිය හැකි වෙනස්කම් පහත පරිදි වේ,

1. උප්පැන්න සහතිකය යන්න වෙනුවට ජාතික උප්පැන්න සහතිකය නමින් හඳුන්වා දී ඇත.

2. භාෂාද්වයෙන්ම සැකසේ

3. උපතේදී ලබාදෙන අනන්‍යතා අංකය ඇතුලත් කොට ඇත.

4. වඩාත් ආරක්‍ෂිත කඩදාසියක ඩිජිටල් ක්‍රමයට සැකසේ.

5. ක්ෂණික ප්‍රතිචාර කේතයක්, කේත අංකයක්, දිය සලකුණ සහ හොලෝ ග්‍රෑම් ස්ටිකර්යක් අලවා ඇත.

6. රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබේ.

4 Comments

  1. Parana uppanna sahatikaya aluth uppana sahatikayata anuwa wenas kara gatha hakida

  2. වාස ගම ඇතුළට ගෙන

  3. කල් ගත වු උප්පැන්න රේජිස්ටර් කරගන්ඩ හැකිද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *