මහරගම නගර සභාවේ මහජන එක්සත් පෙරමුණු මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිනී සාවිත්‍රි ගුණසේකර අතර අද ඇති වූ වචන හුවමාරුවක් ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇත.
සිද්ධියට මැදිවූ මන්ත්‍රිනී සාවිත්‍රි ගුණසේකරගේ දුරකථනය එම අවස්ථාවේදී අස්ථානගත වී ඇති අතර ඒ පිළිබඳ මහරගම පොලීසියේ පැමිණිල්ලක්ද ගොනු කර තිබේ.
මීට සති දෙකකට පමණ පෙර මහරගම නගර සභාවේ මන්ත්‍රී නිල කාමරයේදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් නිශාන්ත විමලචන්ද්‍ර මන්ත්‍රීවරයා සහ සාවිත්‍රි ගුණසේකර මන්ත්‍රීවරිය අතර උණුසුම් තත්ත්වයක් හටගැනීමට හේතු වී තිබුණි.