ධුර කාලය නිශ්චිත කරන්න ව්‍යවස්ථා සංශෝධනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවක් පවතින බව නිරීක්ෂණය වේ.

ඒ පිළිබඳව වන සැකය මගහරවා ගැනීමට සහ කවර හෝ අනනුකූලතාවක් ඉවත් කිරීමට “සාවුරුද්දක් ඉක්මවා ” යන වචන වෙනුවට ” පස් අවුරුද්දක් ඉක්මවා ” යන වචන ආදේශ කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *