Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය  සිඩ්නි හි අධිකරණයේදී කැඳවීය.

2022 නොවැම්බර් මාසයේදී ධනුෂ්කව සිඩ්නි හි පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණේ එරට කාන්තාවක් සිදුකළ පැමිණිල්ලකට අනුවය.

එහිදී ඔහුට එරෙහිව ස්ත්‍රී දුෂණ චෝදනා 4ක් එල්ලකළ අතර පසුව ඉන් චෝදනා තුනක් ඉවත්කර ගැනුණි.

ඔහුට එල්ලකර ඇති චෝදනාව වන්නේ අදාළ තරුණියගේ “කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරතවීම” යන චෝදනාවයි.

අද අධිකරණයේදී එම තරුණියගේ පාර්ශ්වය කරුණු දක්වා තිබූ අතර එහිදී ඇය සඳහන් කර තිබුණේ තමාට “ජීවිත බියක්” දැනුණු බවයි.

නමුත් ධනුෂ්ක ගේ නීතිඥවරයා චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.

ඔබේ අදහස