දොස්තර සහ කනිෂ්ඨ සේවකයන් රෝහලේදී පැටලෙයි

කරාපිටිය රෝහලේ පිළිකා අංශයේ විශේෂඥ වෛද්‍යවරයා සහ කනිෂ්ඨ සේවකයන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

ඒ, කනිෂ්ඨ සේවකයන් වර්ජනයට එක්වී අද සේවයට පැමිණීම හේතුවෙන් ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග යෑමෙනි.

“ඊයේ සේවයට නොපැමිණි උඹලා අද මොකද… එළියේ හිටපල්ලා” යනුවෙන් සඳහන් කරමින් දොරවල් වසාදැමීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම ඇතිවූ බව වැඩිදුරටත් වාර්තා වෙයි.

කෙසේවෙතත් රෝහල් අධ්‍යක්ෂවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ වනවිට රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *