දොස්තරලාට දෙවන වරටත් කොළඹ ඉඩමක් බදු දෙයි

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයට බදු දී ඇති රාජගිරියේ පිහිටි ඉඩම අවුරුදු 50 ක කාලසීමාවකට නැවත බදු දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

1999-05-13 දින සිට ක්‍රියාත්මක වන පරිදි, නාගරික සංවර්ධන අධිකාරිය සතු රාජගිරියේ වැලිකඩ පිහිටි පර්චස් 30ක ඉඩම් කොටසක් පර්යේෂණ කටයුතු සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීම පිණිස සහනදායී බදු පදනම මත අවුරුදු 30 ක කාල සීමාවකට ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයට ලබා දී ඇත.

එම ඉඩමේ ඉදි කර ඇති ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල මේ වන විට අලුත්වැඩියා කළ යුතුව පැවතීමත් ඒ සඳහා සැලකිය යුතු මූල්‍ය ආයෝජනයක් සිදු කළ යුතු වීමත් යන කරුණු සැලකිල්ලට ගෙන, අදාළ ඉඩම දීර්ඝ කාල සීමාවකට නැවත බදු පදනම මත ලබා දෙන ලෙසට එම ආයතනය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරනු ලබන වාර්ෂික බදු කුලියක් අය කර ගැනීමේ පදනම මත වසර 50 ක කාලසීමාවක් සඳහා අදාළ ඉඩම් කොටස ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස වැඩබලන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *