දේශීය ඖෂධ ආනයනකරුවන් සතුව ඇති ඖෂධ තොග මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් සතුව තිබෙන ඖෂධ තොග මිලදී ගැනීම සඳහා මිල ගණන් කැදවා තිබේ. ඊට අදාළ ටෙන්ඩරය මේ මස 15 වැනිදා පස්වරු 2ට විවෘත කිරීමට නියමිත බවත් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත.

මීට අදාළ සම්පූර්ණ නිවේදනය හා අදාල සියලු තොරතුරු www.spc.lk වෙබ් අඩවියෙහි පළ කර ඇති බවත් එය සියලු සැපයුම්කරුවන්ට ලබා ගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *