දේශගුණික විපර්යාස හේතුවෙන් ලංකාව බරපතල පානීය ජල ගැටලුවක- විශේෂඥයින්

ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ දෙනු ඇති බවත්, ඊට පිළියම් යෙදීම සඳහා රජය වැඩපිළිවෙළක් දියත් කළ යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ඊයේ කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළාය.

කාලගුණික විපර්යාස ජල හිඟයට ප්‍රධාන හේතුව වනු ඇති බවත් වර්ෂාපතන රටාව දැනටමත් වෙනස් වී ඇති බවත් ඇය පැවසුවාය.

“අපිට වසරකට මිලි ලීටර් 2500ක් පමණ වර්ෂාපතනයක් ලැබෙන අතර සාමාන්‍යයෙන් මැයි සිට සැප්තැම්බර් දක්වා අපට මෙය ලැබේ. කෙසේ වෙතත්, දේශගුණික විපර්යාස හේතුවෙන් මැයි මාසයේදීම අපට මිලි ලීටර් 2,500 ක වර්ෂාපතනයක් ලැබෙනු ඇත. අප සූදානම් විය යුත්තේ එවැනි සිදුවීමකටය. විශේෂයෙන්ම වියළි කලාපයේ පානීය ජල හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකියි.” ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *