දෙවන ලෝක යුද්ධය

දෙවන ලෝක යුද්ධයේ අප්‍රකට කරුණු 1

Share this Article

මානව ඉතිහාසයේ විශාලතම ගැටුම ලෙස සැලකෙන දෙවන ලෝක යුද්ධය (1939 සිට 1945 දක්වා) කෙනෙකුට සිතාගැනීමට නොහැකි අති දැවැන්ත හා බිහිසුණු බවකින් යුක්ත විය. අවුරුදු 6කට ආසන්න කාලයක් තුල මිලියන 100 කට අධික සටන්කාමීන් සෘජුවම ලෝකය පුරා පැතිරුණු සටන්වල නිරත වු අතර මිලියන 70 ක් පමණ සෙබළුන් මියගිය බිහිසුනු යුද්ධයක් වූ අතරම සිවිල් වැසියන් ද ඇතුළුව මිලියන සිය ගණනකක් තුවාල කරුවන් ආබාධිතයන් බවට පත් කරමින් එය නිමා විය.

දෙවන ලෝක යුද්ධය එය සිත් ඇදගන්නා සුළු තොරතුරු වලින් පිරුණු සිදුවීමක් වු නමුදු එම ඓතිහාසික සිදුවිමේ විශාලත්ව නිසා, එවැනි බොහෝ තොරතුරු අප්‍රකට වී ගොස් ඇති අතර, බොහෝවිට ඒවා අද එතරම් ප්‍රසිද්ධ නැත. පහත දැක්වෙන්නේ වන ලෝක යුද්ධය පිළිබද අප්‍රකට කිහිපයක් ය.

1. දෙවන ලෝක යුද්ධයේ දී ඇමරිකාව වයඹ දෙසින් පුළුස්සා දැමීමේ ජපන් සැලැස්ම

යුද්ධයේ අගභාගයේදී ජපන් ජාතිකයින් විසින් ෆු-ගෝ (“කෝඩ් ෆු”) ආයුධය සටනට එක්කලහ.මෙම ආයුධය වුයේ පුපුරණ ද්‍රව්‍ය රාත්තල් 70 ක් රැගෙන යන හයිඩ්‍රජන් බැලූන් වන අතර සැලසුම්කරුවන් තම සැලසුම් සකස් කලේ ජපානයේ මුදා හරින විට, ජෙට් ප්‍රවාහය (ජෙට් ප්‍රවාහ යනු පෘථිවිය ඇතුළු සමහර ග්‍රහලෝකවල වායුගෝලයේ වේගයෙන් ගලා යන, පටු වායු ප්‍රවාහයන් ය.) ඔස්සේ උතුරු ඇමරිකාවට ළඟා වන තෙක් පැසිෆික් සාගරයට ඉහළින් බැලූන් රැගෙන ගොස්, නගර, වනාන්තර සහ ගොවිපලවල් මත බෝම්බ හෙළිමටය.

දෙවන ලෝක යුද්ධයේ
ජෙට් ප්‍රවාහ යනු පෘථිවිය ඇතුළු සමහර ග්‍රහලෝකවල වායුගෝලයේ වේගයෙන් ගලා යන, පටු වායු ප්‍රවාහයන් ය.

සැළසුම් කරුවන්ගේ එකම බලාපොරොත්තුව වූයේ බැලූනය මගින් බෝම්බ හෙලීම මගින් අධික ලෙස වනාන්තර කලාපයක් වු පැසිෆික් වයඹ දෙසින් විනාශකාරී ලැව්ගිනි ඇවිළවීම හා එමගින් පුළුල් භීතියක් ඇමෙරිකාව තුල ඇති කිරීමයි.

ෆු-ගෝ ගිනි බැලූන් අන්තර් මහද්වීපික පරාසයක් සහිත පළමු ආයුධ ලෙස සැලකෙන අතර ඒ සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් ඇමරිකානු බී -36 පීස්මේකර් බෝම්බකරු සහ සෝවියට් ආර් -7 අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයට වඩා ඉදිරියෙන් සිටියහ.

Fu-go

පළමු ෆු-ගෝව 1944 නොවැම්බර් 3 වන දින ගුවන් ගත කරන ලද අතර ඉන් පසුව තවත් ෆු-ගෝ 9300 ක් ඊළඟ මාසවලදී ජපානයෙන් පිටත්වුනි. ඔවුන්ගෙන් 10% ක් පමණ පැසිෆික් සාගරය හරහා උතුරු ඇමරිකාව දක්වා ගමන් කරනු ඇතැයි සැලසුම්කරුවන් ගණනය කළහ.

දින කිහිපයක් ඇතුළත පළමු බැලූනය ලොස් ඇන්ජලීස් අසල පාවෙමින් තිබී ඇති අතර වැඩි කල් යන්නට මත්තෙන් තවත් බැලූන වයොමිං සහ මොන්ටානා දක්වා වු ප්‍රදේශ වල ඉහල අහසේ දැකගත හැකිවිය. කලබල වීම වළක්වා ගැනීම සඳහා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ බලධාරීන් ගිනි බැලූන් ප්‍රවෘත්ති මත වාරණයක් පනවා එමඟින් සිවිල් වැසියන් භීතියට පත්වීම වළක්වා ඇති අතර, මෙම හේතුවෙන් තම නව ආයුධයෙන් සිදු වූ බලපෑම ගැන ජපන් ජාතිකයින්ට අවශ්‍යවූ තොරතුරු ලබා ගැනීමට නොහැකිවිය.

සැලසුම්කරුවන්වගේ ප්‍රධාන අරමුණ වු පැසිෆික් වයඹ දෙසින් වු වනාන්තරයේ දැවැන්ත ලැව්ගිනි ඇතිකිරිම කිසි විටෙකත් ක්‍රියාත්මක නොවූයේ අසාමාන්‍ය ලෙස අධික වර්ෂාව නිසා වනාන්තරය දැල්වීමට නොහැකි තරම් තෙත් වූ බැවිනි.

ප්‍රවෘත්ති වාරණය නිසා ජපන් ජාතිකයින් අවසානයේ නිගමනය කළේ ෆු-ගු ක්‍රියාන්විතය සම්පුර්ණයෙන්ම අසාර්ථක වූ බවයි. එබැවින් ඔවුහු 1945 අප්‍රේල් මාසයේදී එම ක්‍රියාන්විතය අතහැර දැමූහ.

 

2. අත්ලාන්තික් සාගරයේ ජර්මනියේ නාවික උපායමාර්ගය විනාශ කළ කමාන්ඩෝ වැටලීම

Normandie dock gates
එච්එම්එස් කැම්බල්ටවුන් පිපිරීමට මොහොත්කට පෙර

1940 දී ජර්මනිය ප්‍රංශය යටත් කර ගැනීමෙන් ප්‍රංශ අත්ලාන්තික් වෙරළ තීරය සහ වරාය පාලනය කිරීමට හැකි වූ අතර එය මුහුදේ යුද්ධයට විශාල බලපැමක් ඇති කිරිමට සමත් විය. පළමුවන ලෝක යුද්ධ සමයේදී ජර්මානු නාවික හමුදාව බෝල්ටික් හා උතුරු මුහුදට සීමා වී තිබු අතර අත්ලාන්තික් සාගරයට කඩා වැදීමට නම්, බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව ඇති ඉංග්‍රීසි නාලිකාව හෝ ස්කොට්ලන්තයට උතුරින් පිහිටි ග්‍රීන්ලන්ඩ්-අයිස්ලන්ත-එක්සත් රාජධානියේ (GIUK) පරතරයේ නාවික චොක්පොයින්ට් හරහා යාමට සිදුවිය. දෙවන ලෝක යුද්ධයේදී, ප්‍රංශයේ අත්ලාන්තික් වරාය අල්ලා ගැනීම ජර්මානු නාවික හමුදාවට සෘජුවම අත්ලාන්තික් සාගරයේ ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දුන්නේය.

අත්ලාන්තික නාවික හමුදාවේ වැදගත්ම ස්ථානයක් වූයේ ශාන්ත නසීර් හි (St Nazaire) නොර්මන්ඩි ඇති වියළි තටාකය වන අතර අත්ලාන්තික් සාගරයේ යෝධ ජර්මානු යුධ නැව් වන බිස්මාර්ක් (Bismark ) සහ ටර්පිට්ස් (Tirpitz) යාත්‍රාකල වලට යා හැකි අක්‍ෂ පක්‍ෂය සතු එකම වියළි තටාකය එය විය.

එම වියළි තටාකය සතුරු හමුදාවට අහිමි වුවහොත් සතුරු යුධ නැව් අත්ලාන්තික් සාගරයේ යුධ වැදී හානි වූ විට අලුත්වැඩියා කටයුතු සඳහා ආපසු යාමට නොහැකි වනු බව මිත්‍ර හමුදා ඒ වන විට තේරුම් ගෙන සිටි අතර ඒසේ වුවහොත් බලවත් බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් පාලනය කරනු ලබන චෝක් පොයින්ට්ස් හරහා ජර්මනියට ආපසු යාමට සිදුවන බව ඔවුහූ වටහා ගත්හ. එබැවින් 1942 මාර්තු 28 වන දින බ්‍රිතාන්‍යයන් කොමාන්ඩෝ භටයන් විසින් මෙහෙයවන ලද Chariot ක්‍රියාන්විතයෙන් : නොර්මන්ඩි වියළි තටාකයට හදිසි ප්‍රහාරයක් දියත් කරන ලදී.

ජර්මනිය සතු වු ශ්‍රේෂ්ඨතම අත්ලාන්තික් වරාය විනාශ කිරීම

මෙහෙයුමෙන් පසු ආපසු පසුබැසීම සදහා බ්‍රිතාන්‍ය කමාන්ඩෝ භටයින් කුඩා යාත්‍රා 18 කින් එක්කොට යාත්‍රාවක් සාදා ගෙන යන ලදී. ඔවුන් සමඟ යල්පැන ගිය එච්එම්එස් කැම්බල්ටවුන් (HMS Cambeltown) නෞකාව හොඳින් සැඟවුණු ප්‍රමාද  ක්‍රියාකාරී පුපුරණ ද්‍රව්‍ය පුරවා රැගෙන ගිය අතර ශාන්ත නසීර් වෙත ළඟා වූ පසු, කැම්බල්ටවුන් නොර්මන්ඩි වියළි තටාක දොරටුව වෙතට කඩා වැදුනු අතර බ්‍රිතාන්‍ය කමාන්ඩෝ භටයින් ප්‍රහාර එල්ල කලහ.

ජර්මානුවන් නෞකාවෙ වු පුපුරණ ද්‍රව්‍ය ගැන නොදැන සිටි නිසා ඔවුන් අවධානය යොමු කළේ ශාන්ත නසීර් හි අනෙකුත් වැදගත් ඉලක්ක වලට පහර දෙන කමාන්ඩෝ භටයින්ට එරෙහිව සටන් කිරීමට ය. දරුණු ගැටුමකින් පසුව, ජර්මානුවන් කමාන්ඩෝ භටයන් පසුබැසීමට නියමිතව තිබූ කුඩා යාත්‍රා සියල්ලම පාහේ විනාශ කළහ. අතරමං වූ කමාන්ඩෝ භටයන් රට තුළට යාමට උත්සාහ කළ නමුත් බොහෝ දෙනෙක් ඔවුන්ගේ පතොරම් ඉවර වීමෙන් පසු මිය ගියහ.

බ්‍රිතාන්‍ය කමාන්ඩෝ භටයින්හට විශාල හානි සිදු අතර භටයන් 169 ක් මිය ගිය අතර තවත්  215 ක් අල්ලා ගන්නා ලදී. මෝටාර් විදිනයන් 13 ක්, ටෝර්පිඩෝ බෝට්ටුවක්, තුවක්කු බෝට්ටුවක් සහ ගුවන් යානා දෙකක් ද ඔවුන්ට අහිමි විය.

එදිනම, යුධ පිටිය සන්සුන්වු වූ පසු ජර්මානුවන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ අතර, වියළි තටාක දොරටුවලට ඉහළින් රදවා තැබූ එච්එම්එස් කැම්බල්ටවුන් නැවෙහි සෝදිසි ආරම්භ වනවාත් සමගම, සගවා තැබූ පුපුරණ ද්‍රව්‍ය තොගය පුපුරා ගියේය. දැවැන්ත පිපිරීමෙන් ජර්මානුවන් සිය ගණනක් මිය ගිය අතර තවත් සිය ගණනක් තුවාල ලැබූහ. එය යුද්ධයේ ඉතිරි කාලය සඳහා නොර්මන්ඩි වියළි තටාක භාවිතා කිරීමට නොහැකි විය.සිදු වූ හානිය කෙතරම් බරපතලද යත්, වියළි තටාක නැවත සේවයට ගත හැකිවුයේ යුද්ධය අවසන් වී වසර පහකට පසුවය.

 

3. ඇමරිකානු වැසිකිළියට ගෞරව කළ ප්‍රංශ නගරය

පැටන්

ජෝර්ජ් එස්. පැටන් 1944 ග්‍රීෂ්ම සෘතුවේ දී එක්සත් ජනපදයේ තුන්වන හමුදාව විශාල වශයෙන් මෙහෙයවූ අතර එය ප්‍රංශයේ විශාල කොටසක් මුදා ගැනීම සමත් විය. පැටන් ප්‍රංශයේ සටන් කළ පළමු අවස්ථාව මෙය නොවන අතර පළමු ලෝක යුධ සමයේ පැටන් හට ප්‍රාදේශීය ගමේ නගරාධිපතිවරයකු හමුවීමට පැමිණ ඇති අතර, ඔහු කඳුළු සලමින් අසා ඇත්තේ තමන්ගේ ප්‍රදේශයේ තුල ඇමරිකානු පාබල හමුදාව සමාජිකයෙක්  මියගිය බව තමාට නොදැන්වුයෙ මන්ද යන්නයි.

පැටන් එය විස්තර කළ පරිදි: “මෙම කනගාටුදායක කාරණය නොදැන සිටීම සහ එය ආගන්තුකයෙකු පිළිගැනීමට අකමැති වීම නිසා කිසිවෙකු මිය ගොස් නැති බව දැනගන්නා තෙක් මම මෙම කාරණය සෙවුවෙමි. කෙසේ වෙතත්, ඔහු තරයේ කියා සිටියේ අප ‘සොහොන’ වෙත යා යුතු ලෙසයි. ඇමරිකානුවන් එහි ගිය විට, මෑතකදී ආවරණය කර කුරුසියක් සහිතව “අතහැර දැමූ පසුපස” ( “Abandoned Rear”) ලෙස සදහන් සමරු ඵලකයක් එල්ලා තිබු වලක් දක්නට ලැබුනි.

ප්‍රංශ ජාතිකයන් විසින් හරස් කූරු ආගමික සංකේතයක් ලෙස හා මියගිය සොල්දාදුවාගේ නම “අතහැර දැමූ පසුපස” ලෙස වැරදියට වටහාගෙන තිබු අතර, “අතහැර දැමූ පසුපස” යනු සැබවින්ම ආවරණය කරන ලද වැසිකිළි වලක් නම් කිරීම යුධබිමේ පාවිච්චි වු සංකේතාත්මක වදනක් විය.

“මම කවදාවත් ඔවුන්ට ඇත්ත කිව්වේ නැහැ. දශක ගණනාවකට පසු මම එම ගම හරහා ගිය අතර ප්‍රදේශවාසීන් විසින් මාහට හෘදයාංගම පිළිගැනීමක් ලබා දෙන ලදී. ඔවුන් මාව වැසිකිළි වල තිබු ස්ථානයට ගෙන ගිය අතර, යුධ බිමේ මියගිය සොල්දාදුවෙකු යැයි සිතු නිසා ගම්වැසියන් වසර ගණනාවක් තිස්සේ එම ස්ථානය නිසි ගෞරවයෙන් යුතුව නඩත්තු කර තිබුණි.” පැටන් වැඩිදුරටත් පවසා තිබිනි.


Share this Article

Leave a Reply

Your email address will not be published.