දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින සියලු දෙමළ දේශපාලන පක්ෂ ඒකරාශී කර දෙමළ ජාතික සභාවක් පිහිටුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් පේ්රමචන්ද්රන් පවසයි. ඊට අදාළ කටයුතු මේ මස 26 වැනිදා වව්නියාවේදී පැවැත්වීමට සූදානම් කර ඇති බවටයි ඔහු කියා සිටින්නේ.
මෙම දෙමළ ජාතික සභාව ආගමික නායකයන්, දෙමළ දේශපාලනඥයන් හා විද්වතුන්ගෙන් සමන්විතව පිහිටුවන බවත් එහි මූලික අරමුණ දෙමළ ජන්තාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වන බවත් ඒ මහතා පෙන්වා දෙයි. ලබන 26 වැනිදා දෙමළ ජාතික සභාව වව්නියාවේදී පිහිටුවා ගැනීමෙන් අනතුරුව පළමු රැස්වීම පෙබරවාරි 28 වැනිදා යාපනයේදී පැවැත්වීමට තීරණය කළ බවයි සුරේෂ් පේ්රමචන්ද්රන් මහතා වැඩිදුරටත් දන්වා සිටින්නේ.
ඔහු මෙම කරුණු අනාවරණය කර සිටියේ දෙමළ ජාතික සභාව පිහිටුවීම සඳහා යාපනයේදී පෙරේදා (21) පැවති මූලික සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමිනි. මෙම සාකච්ඡාවට දෙමළ දේශපාලන පක්ෂ 10 ක නියෝජිතයන් පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.