මරණ දඬුවම නියමවී සිටින දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වන දෙමටගොඩ රුවන්ගේ බිරිඳ, පුත්‍රයා සහ සහෝදරිය නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සිදුකර නීතිවිරෝධීව රුපියල් ලක්ෂ 1,000කට අධික වටිනාකමින් යුතු දේපොළ ඔවුන් තිදෙනාගේ නම්වලින් මිලදීගෙන තිබීම හේතුවෙනි.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු 27 හැවිරිදි තරිඳු මධුෂංක නැමති රුවන්ගේ පුත්‍රයා ප්‍රබල දේශපාලන පක්ෂයක කුප්පියාවත්ත ආසන සංවිධායක ලෙස කටයුතු කරයි.
ශානිකා ලක්මිණි නැමති දෙමටගොඩ රුවන්ගේ බිරිඳ 45 හැවිරිදි වියෙහි පසුවන අතර, සමන්ති නිර්මලා නැමති දෙමටගොඩ රුවන්ගේ සහෝදරිය 48 හැවිරිදි වියෙහි පසුවෙයි.
සැකකරුවන් අද (01) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.