දුරුතු පෙරහරේ උඩ මළුවේ පෙරහර විදී සංචාරය කරයි

කැලණිය රාජමහා විහාරස්ථානයේ දුරුතු මහා පූජා මහෝත්සවයේ පළමු උඩ මළුවේ පෙරහර ඊයේ රාත්‍රී 830ට යෙදී තිබූ ශූභ මොහොතින් විදී සංචාරය කිරීම ආරම්භ විය.

කැලණිය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති, අග්ග මහා පණ්ඩිත, මහෝපාධ්‍යාය , සම්මාණිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි  සදාතුක කරඬුව වෙත පුද පූජා පැවැත්වීය.

අනතුරුව ප්‍රධාන බස්නායක  ධම්මික ආටිගල මහතා සධාතුක කරඬුව භාරදීම සිදුකළේය.

ජයරාජ චන්ද්‍රසේකර, ආර් ඒ. පෙරේරා, ලලිත් හපන්ගම, යන බස්නායක නිලමේතුමන්ලාගේ සහාය ඇතුව සදාතුක කරඬුව පෙරහරේ වැඩම කිරීම සිදු කළේය.

පෙරහර තුන් බෝධිය වටා තෙවරක් ප්‍රදක්ෂිණා කර ගෙවදීම සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *