ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති වැඩසටහන යටතේ පෙබරවාරි මාසය අවසන් වනවිට ඉටුකළ යුතු කැපවීම්වලින් සියයට 33 ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනයේ අයි.එම්.එෆ් මීටරය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව ඉටු කිරීමට අපොහොසත් වී ඇති බොහොමයක් කැපවීම් ආණ්ඩුකරණය ඉහළ නැංවීමට අදාළ ඒවා බව අයි.එම්.එෆ් මීටරය හෙළි කළේය.
කැපවීම් වලින් සියයට 36 ක තත්ත්වය මැනීම සඳහා ප්‍රමාණවත් තොරතුරු නොමැති වීම හේතුවෙන් එම කැපවීම් වල තත්ත්වය නොදන්නා ලෙස අයි.එම්.එෆ් මීටරය වර්ගීකරණය කර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.ශ්‍රී ලංකාව ඉටුකර ඇතැයි සනාථ කළ හැක්කේ කැපවීම් සියයට 31 ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
දුර්වල ආණ්ඩුකරණයක් පැවතීම ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුදයේ කේන්ද්‍රීය සාධකයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුනාගෙන ඇතැයිද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.