දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.

සිල්වා මහතාට ලබාදුන් ජනාධිපති සමාව අභියෝගයට ලක්කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ මව වන ස්වර්ණා ප්‍රේමචන්ද්‍ර විසින් ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

දුමින්ද සිල්වා මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කරන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ පියා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් 2016 වසරේදී කොළඹ මහාධිකරණය විසින් සිල්වා මහතා ජීවිතාන්තය දක්වා සිරගත කරනු ලැබුවා.

සිල්වා මහතා කොළඹ මහාධිකරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබුණි.

කෙසේ වෙතත්, ඝාතන වරදට මහාධිකරණය ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබුවා.

ඉන් අනතුරුව 2021 ජුනි 24 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුමින්ද සිල්වා මහතාට විශේෂ ජනාධිපති සමාවක් ලබා දී ඇත.

සිරෙන් නිදහස් වූ පසු අගෝස්තු මාසයේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස සිල්වා පත් කරන ලදී.

මේ මස මුලදී දුමින්ද සිල්වා රටින් පිටව ගොස් ඇති බවට වාර්තා පළ වූ අතර ඔහු ආපසු පැමිණියේද යන්න තවමත් පැහැදිලි නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *