දුම්රිය – යතුරුපැදි අනතුරක්

පයාගල, ඇලගහවත්ත දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.

ඊයේ (10) පස්වරුවේ ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියක යතුරුපැදියක් ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

එම අවස්ථාවේ යතුරුපැදියේ පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කර ඇති අතර අදාළ අනතුරින් පසුපස ගමන් ගත් කාන්තාව මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

දුම්රිය හරස් මාර්ගයේ සවිකර ඇති අක්‍රියව ඇති සංඥා පද්ධතිය අලුත්වැඩියා නොකිරීමෙන් එම ස්ථානයේ අනතුරු සිදුවන බව එහිදී ප්‍රදේශවාසීන් පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *