දුම්රියේ ගැටීමෙන් වනඅලින් දෙදෙනෙකු මරුට…

මාන්කුලම් පණික්කන්කුලම් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ දැරූ වන අලින් දෙදෙනෙකු දුම්රියේ ගැටීමෙන් ඊයේ (15) දින මිය ගොස් ඇතැයි මුලතිව් වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපල් දුම්රියට පණික්කන්කුලම් 301 වන කිලෝමීටර් කනුව අසලදී මෙලෙස වන අලින් දෙදෙනෙකු ගැටීමෙන මෙම අනතුර සිදුව ඇති බවට මාන්කුලම් පොලීසිය පැවසීය.

අනතුරින් වනඅලින් දෙදෙනාම එම ස්ථානයේදීම මිය ගොස් තිබූ අතර පසුව මාන්කුලම් පොලීසිය විසින් ඒ පිළිබඳව වනජීවි නිලධාරී කාර්යාලයට දැනුම් දෙන ලදි.

වනජීවි නිලධාරීන් පැමිණ වනඅලින් දෙදෙනොගේ අවසන් කටයුතු ප්‍රදේශබාර ග්‍රාමසේවක මහතාගේද සහය ඇතිව සිදුකිරීමට නියමිතව ඇත.

ඕමන්ත දුම්රිය ස්ථානයේ සිට කිලිනොච්චිය දුම්රිය ස්ථානය දක්වා මීට පෙරද වනඅලින් රැසක් දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති අතර ගවයින්ද විශාල වශයෙන් දුම්රියේ ගැටීමෙන් මිය යාමේ සිදුවීම් වාර්ථා වී ඇති බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *