දුම්රියට යූරෝ මිලියනයක නව පුහුණු මධ්‍යස්ථානයක්

යුරෝ මිලියනයකට අධික මුදලක් වැය කරමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ජර්මන් දුම්රිය තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ නව තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකර තිබේ. නවක පත්වීම් ලද දුම්රිය රියදුරන්ගේ කඩිනම් පුහුණුව වෙනුවෙන් නව තාක්ෂණික උපකරණ සහ තාක්ෂණික දැනුම දීම සඳහා මෙම තාක්ෂණික මධ්‍යස්ථානය ගොඩනැගූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

යූරෝ මිලියන 1.1 ක වියදමින් ඉදිවූ මෙම පුහුණු මධ්‍යස්ථානය simulator cabin එකකින් ද   s training desk  8   කින් සහ ද observation desk  6   කින් සමන්විත ද බව ද එම දෙපාර්තමේන්තුව කීය.

3ඩී තාක්ෂණය උපරිම ආකාරයේ භාවිතා කර ඇති මෙම මධ්‍යස්ථානයේ පුහුණුව ලබන පුද්ගලයෙක්ට සජීවී ලෙස දුම්රිය හැසිරවිය හැකි ආකාරයේ අත්දැකීමත් දුම්රිය සංඥා ලබාගැනීමත් ඊට අනූව හැසිරවීමේ ආකාරයත් හරස් මාර්ග භාවිතයත් වැනි පුහුණුව නිවැරදිව කඩිනමින් ලබාගත හැකි වීම කැපී පෙනේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *