කොරෝනා

දිස්ත්‍රික්ක 25න්ම දෛනිකව රෝගීන් වාර්තා වන තැනට රට පත්වෙලා

මේ වනවිට රට තුළ උද්ගතවී ඇති කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගත් විට ලබන මස මැද කාල සීමාව වනවිට රටතුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වනුඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවයි.

ඒ පිළිඹදව එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේ ප්‍රකාශ කර සිටියා.

”අපිට පෙන්න තියෙන දේ තමයි දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් 25ම රෝගීන් දෛනිකව හමුවෙන තැනට ගමන් කරලා තියෙනවා. අද බස්නාහිරෙන් හමුවන රෝගින් සංඛ්‍යාව 50%කට විතර අඩු වෙලා තියෙනවා. නමුත් අනිත් පළාත් වලින් 15%ක් විතර වාර්තා වුණේ මීට මාසෙකට විතර පෙර දෛනික රෝගින් ප්‍රමාණය. ඒක 50% දක්වා වැඩි වෙලා තියෙනවා. අපි අසාර්ථක වෙලා තියෙනවා යම් මට්ටමකින් රටක් විදියට බස්නාහිර කේන්ද්‍රගතවෙලා තියෙන අවදානම එතන කළමනාකරණය කරලා සමස්ථ රට පුරා ව්‍යාප්තවන එක වලක්වන්න. ඒ නිසා ඊයේ රට පුරා රෝගීන් 800ක් වාර්තා වුණා නම් අපිට පෙන්නේ ඒ රෝගීන් 800 නමුත් මහජන සෞඛ්‍ය පද්ධතියට 800ක් නෙමේ. මොකද මේ 800ය ආශ්‍රිතව, ආශ්‍රිතයින් බිහි වෙනවා. ප්‍රශ්ණ තිබුණා වුනත් මේ මොහොතෙදී අපේ රටේ ප්‍රමුඛතාවය වෙන්න ඕනේ, හැකි අසන්නතම මොහොතෙදී හැකි ඉක්මනින් එන්නත් ප්‍රමාණය ලංකාවට ගෙන්වා ගන්න කියන කාරණය.”

Leave a Reply

Your email address will not be published.