සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනාධිපති ධූරය අපේක්ෂක දිලිත් ජයවීර මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් බොරැල්ලේ පිහිටි සර්වජන බලය මූලස්ථානයේදී පැවැත්විණි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයෝ මෙම හමුවට සහභාගි වූහ.
එහිදී දිලිත් ජයවීර මහතාට දොළොස්වැදෑම් යෝජනාවලියක් ඉදිරිපත් කළ බවත් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් ඒ මහතා අවදානය යොමු කළ බවත් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසීය.
වෛද්‍යවරු රට හැර යෑම වැලැක්වීමේ පියවරක් ලෙස වෛද්‍ය ක්ෂේත්රයට සුවිශේෂී වැටුප් ක්‍රමයක් යෝජනා කළ බවත් ඒ පිළිබඳව ජයවීර මහතා දැඩි අවදානය යොමු කළ බවත් සුගතපාල මහතා වැඩි දුරත් සඳහන් කළේය.
එම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ මහතා ද සහභාගි විය.


