දින තුනක් වයසැති බිළිඳෙකු කොවිඩ් සෑදී මිය යයි

වැලිපැන්න ප්‍රදේශයේ දින තුනක් වයසැති බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියගොස් ඇතැයි මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී.ලයනල් මහතා පවසයි.

ජූලි මස 22 වන දින උපත ලබා ඇති එම බිළිඳ නිවසට රැගෙන යාමෙන් අනතුරුව ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් ජූලි මස 25 වන දා නැවත කළුතර, නාගොඩ රෝහල ට ඇතුළත් කර තිබේ.

එහිදී බිළිඳා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දෙමව්පියන්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී ඔවුන් ආසාදිත නොවන බව තහවුරු වී ඇත.

කෙසේ වෙතත් දෙමාපියන් හෙට දිනයේ පීසීආර් පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *