දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් වාර්තව අලුත් වේ

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ ලබාදී ඇත.

ඒ අනුව ඊයේ දිනයේ එන්නත් මාත්‍රා 384,763ක් ජනතාවට ලබාදී තිබේ.

එහිදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 338,572ක් සඳහාත් සයිනොෆාම් දෙවන මාත්‍රාව 35,410ක් සඳහාත්, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 7,416ක් සඳහාත්, ස්පුට්නික් V එන්නත් මාත්‍රා 3,365ක් සඳහාත් ලබාදී ඇත.

පෙරේදා (13) දිනයේ පුද්ගලයින් 337,445ක් සඳහා එන්නත් මාත්‍රා ලබාදී තිබුණි.

මේ අතර නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ගත වූ පැය 24ක කාලය තුළ පොලීසිය විසින් පුද්ගයින් 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ එම රීති උල්ලංඝයන කිරීම හේතුවෙන් පුද්ගලයින් 50,027දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *