දිගන ප්‍රදේශයේ රූගත කළ චිත්‍රපටියක අවශ්‍යතාවය සඳහා මුද්‍රණය කළ බව කියන ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු හතරක් රැගෙන භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාසල් සිසුන් හතර දෙනකු සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනයෙන් අනතුරුව එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ සහ කලා අධ්‍යක්ෂ අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර සහ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු වන අතර ඔවුන් 2021 වසරේදී චිත්‍රපටියක් නිෂ්පාදනය කොට ඇති අතර එම චිත්‍රපටයේ ජවනිකාවක අවශ්‍යතාවය සඳහා එම ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු මුද්‍රණය කොට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
තෙල්දෙණිය ඉහළ පොලිස් නිලධාරියෙක්ගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ චිත්‍රපට ජවනිකා සඳහා එසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේදී ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයක් ගතයුතු බවයි.
මෙම චිත්‍රපටිය සඳහා මුදල් මුද්‍රණය කිරීමේදී එසේ අවසරයක් ගෙන නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පොලිසිය කියයි.
සිසුන්ට මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ලබා දුන් බව කියන පුද්ගලයාද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන සිදු කෙරෙමින් පවතී.