’’දැන් කොළඹ පුර සබේ පාලනය කරන්නේ අපි’’ – මුජිබුර්

මාලිමාව රහස් ඡන්ද පවත්වමින් කළ විගඩම මාස හයෙන් අවසන් කරන්නට හැකියාව ලැබුණු බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

“දැන් කොළඹ නගර සභාව පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම බව බවද රහුමාන් මහතා කීය.

මන්ත්‍රීවරයා එසේ කීවේ කොළඹ නගර සභාවේ ජාතික ජන බලවේගයේ අයවැය පරාජයට පත්වීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි. රෑට බුරියානි දී නගර සභාවක් පාලනය කළ නොහැකි බව ඔප්පු වී ඇතැයි ද රහුමාන් මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *