දැඩිසත්කාර ඒකකයේ සිටින හිටපු ජනපති රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අනාවරණයක්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි විජලනකාරී තත්ත්වයකින් සහ සංකූලතා කිහිපයකින් පෙලෙන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පමු හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහලට ඇතුලත් කළ අතර, පසුව ජාතික රෝහලට මාරු කිරීමෙන් පසු ඔහුව දැඩිසත්කාර ඒකකට​ ඇතුලත් කරනු ලැබිණි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්   වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ බව සඳහන් කළේය.

දැඩි විජලනකාරී තත්ත්වය මත පොඩි සංකූලතා කිහිපයක් ඇතිවෙලා තිබෙනවා. හෘද වස්තුවේ ස්පන්ධනය වැඩි වෙලා තිබෙනවා. විවිධ දේවල් තිබෙනවා. දවස් දෙක තුනක් යද්දි ඔහුව දැඩිසත්කාර ඒකකයෙන් මුදා ගන්න පුළුවන් වෙයි. ඒ නිසා විශේෂඥ වෛද්‍යවරු දැඩිව ක්‍රියා කරනවා. ඒ නිසා දැඩි නීරික්ෂණයක් යටතේ තබා ගන්න තමයි සැලසුම් කරලා තිබෙන්නේ. 

ප්‍රශ්නය – හෙට උසාවියට යන්නත් හැකියාවක් නැද්ද?

පිළිතුර – හෙට උසාවි යන්න බෑ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *