දළදා මාලිගා පරිශ්‍රයේ කටයුතු කරන පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදිත බවට හදුනාගෙන ඇති බවත් ඒ අනුව තවත් පොලිස් නිලධාරීන් 200 දෙනෙකු නිරෝධායට යොමු කර ඇති බවත් මහනුවර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.
පවතින තත්වය මත එම පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු සදහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් පිරිසක් අනියුක්ත කර ඇති බවටත් වාර්තා වේ.