දහම් පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 7,500 දක්වා ඉහළට

දහම් පාසල් ගුරුවරුන්ට රුපියල් 2,500ක නිල ඇඳුම් දීමනාවක් වාර්ෂික ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික දහම් පාසල් ගුරුවරුන්ට ඔවුන්ගේ සේවය අගය කරමින් වාර්ෂිකව රුපියල් 5,000ක ගුරු දීමනාවක් ලබා දෙනවා.

ඊට අමතරව 2022 වර්ෂය දක්වා දහම් පාසල් ගුරුවරුන්ට නිල ඇඳුමක් ලබාදෙනු ලැබුවා.

එහෙත් එලෙස නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන  මේ වනවිට ක්‍රියාත්මක වන්නේ නැහැ.

ඒ අනුව එම ගුරුවරුන්ට නිල ඇඳුම් ලබාදීමට අදාළව යෝජනාවක් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

එය සැලකිල්ලට ගනිමින් දහම් පාසල් ගුරුවරුන් සඳහා ලබන වසරේ සිට රුපියල් 2,500ක නිල ඇඳුම් දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ඒ අනුව ලබන වසරේ සිට දහම් පාසල් ගුරුවරයෙකුට රුපියල් 7,500ක දීමනාවක් හිමි වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *