දඹුල්ලේ එළවළු මිල සීග්‍රයෙන් පහත වැටේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දින කිහිපයක සිට එළවළු තොග ලැබෙමින් පවතින අතර එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටී ඇති බව වෙළෙඳුන් පවසති.

උඩරට මෙන්ම පහතරට ප්‍රදේශවලින් පැමිණෙන එළවළු ප්‍රමාණය ඉහළ යාමත් සමඟ එළවළු කිලෝවක මිල රුපියල් 100ත් 150ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් තිබීම විශේෂත්වයකි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට්, ලීස්, බෝංචි වැනි එළවළු කිලෝවක තොග මිල පසුගිය සතියේ රුපියල් 450ත් 500ත් අතර මිලකට ඉහළ ගොස් තිබුණත් අද උදෑසන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල 150ක් සහ රුපියල් 200 අතර පහත වැටී තිබෙනවා.

පසුගිය දිනවල පොහොර නොමැතිකම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් නොලැබුණු බව බොහෝ ගොවීන් ප්‍රකාශ කිරීමෙන් පසු එකවර මෙතරම් සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබීම පුදුමයට කරුණක් බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

සමහර කැරට් ප්‍රමාණයෙන් විශාල බවත් පුදුමයට කරුණක් නම් බොහෝ එළවලු ඉතා උසස් තත්ත්වයේ බවත් වෙළෙන්දෝ පෙන්වා දෙති.

එළවළු මිල සීග්‍ර ලෙස ඉහළ යාමත් සමඟ එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙඳුන් සංඛ්‍යාව අඩුවෙමින් පවතින බව ද වෙළෙඳුන් පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *